තෙල් මිළ වැඩි නිසා මෙල්බන්වාසීන් විශාල පිරිසක් පොදු ප්‍රවාහනයට

MELBOURNE

ඉන්ධන මිළ ඉහළ අගයක් ගැනීම හමුවේ මෙල්බන්වාසීන් සැළකිය යුතු පිරිසක් පොදු ප්‍රවාහනයට යොමුවී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

සතියේ ආරම්භක දිනය වූ අද වෙනදාට වඩා වැඩි පිරිසක් බස් සහ දුම්රියේ දැකගත හැකිවූ බව සඳහන්.

පසුගිය සතියේදී පොදු ප්‍රවාහනය භාවිතකල මගීන් සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව සියයට 09 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ගමන්වාර සංඛ්‍යාවද 14,12,000 දක්වා වැඩිවී ඇති අතර එය 2020 වසරේ මාර්තු මාසයෙන් පසු එක් සතියක සටහන් වූ වැඩිම ගමන්වාර ගණනයි.

කෙසේවෙතත් කොවිඩ් තත්වයට පෙර පැවති තත්වයට පොදු ප්‍රවාහනය පත්වීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවටත් අනාවැකි පළවනවා.

සේවකයන්ගෙන් 1/5 ක් පමණ නිවසේ සිට රාජකාරි කිරීමට කැමැත්ත පළකර තිබීම ඊට හේතුවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »