රුසියාවට ඇලුමිනියම් අපනයනය වහාම අත්හිටුවීමට ඔස්ටේ‍රලියාව තීරණය කරයි

ඇලුමිනියම් සහ ඇලුමිනියම්වලින් නිෂ්පාදිත සියලු දෑ රුසියාවට අපනයනය වහාම අත්හිටුවීමට ඔස්ටේ‍රලියාව තීරණය කර තිබෙනවා.

ඒවා යොදාගනිමින් රුසියාව විසින් යුධ උපකරණ නිෂ්පාදනය කරනු ඇතැයි යන සැකය මත මෙම පියවර ගත් බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

යුක්රේනයේ සිවිල් වැසියන්ට එරෙහිව භාවිත කිරීම සඳහා තම අමුද්‍රව්‍ය භාවිත කිරීම සඳහා කිසිදු ඉඩක් නොදෙන බවටද රජය අවධාරණය කරනවා.

මේ අතර යුක්රේන බලශක්ති බලාගාර සඳහා තවත් අමතර ගල්අගුරු ටොන් 70,000 ක් සැපයීමටද ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

https://7news.com.au/news/conflict/aust-military-equipment-bound-for-ukraine-c-6131450

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »