රට සල්ලිවලට වැඩිපුර මුදල් ගෙවීම නවතී

විදේශගත නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්යේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ දිරි ගැන්වීම් සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව, පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයින්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටියේ.

මෙම මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

නවතම නිල දත්තවලට අනුව, මෙම මාසයේ විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළයෑම හමුවේ විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »