ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි චෙක් ජාතිකයෙකු ගාල්ල වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුලගු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
62 හැවිරිදි මොහු තවත් චෙක් ජාතික කාන්තාවක සමග මගී නාවික යාත්‍රාවකින් ඊයේ සවස 06.00 ට ගාල්ල වරායට , ඉන්දුනීසියාවේ සදාම් වරායේ සිට සේන්දු වී තිබෙනවා.
ගාල්ල වරායට පැමිණි පසු ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා මොවුන්ගේ ගමන් බලපත්‍ර භාර දී ඇතැවි සඳහන්.
එහිදී මෙම චෙක් ජාතිකයාගේ ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලේඛනයට ඇතුළත් බව අනාවරණය කර ගෙන තිබෙනවා.
සොරකමක් සම්බන්ධයෙන් මෙම තැනැත්තා අත් අඩංගුවට ගැනීම සදහා චෙක් ජනරජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර , ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් මෙලෙස මොහු අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිවේදනයක් නිකුත් කර තිබී ඇතැයි සඳහන්.