ශීත සෘතුව ගැන වික්ටෝරියානුවන්ට අනතුරු ඇගවීමක්

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

වික්ටෝරියානුවන්ට එළඹෙන ශීත සෘතුව වඩාත් අභියෝගකාරී වනු ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘාස් අනතුරු අගවනවා.

කොවිඩ් 19 වෛරසය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා තත්වයක්ද නිර්මාණය වෙමින් පැවතීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රාන්තයේ මුහුණු ආවරණ භාවිතය ඉවත් කරන දිනයක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අගමැතිවරයා අවධාරණය කලා.

මේ අතර වික්ටෝරයා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී ද හුදකලා කර තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීම ඊට හේතුවයි.

https://7news.com.au/news/public-health/victorians-warned-of-challenging-winter-c-6089899

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »