යුක්රේනයේ සිටින තවත් 4000 කට නවසීලන්ත වීසා

යුක්රේන සම්භවයක් සහිත නවසීලන්ත ජාතිකයන්ගේ ඥාතීන් 4000 කට වීසා බලපත් නිකුත් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ඔවුන් නවසීලන්තයට ගෙන්වා ගැනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

දැනට නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි යුක්රේන සම්භවයක් සහිත පුද්ගලයන් 1600 ක පමණ පිරිසකගේ ඥාතීන්ට මෙම අවස්ථාව උදාවනවා.

එවැනි පුද්ගලයන්ට නවසීලන්තයේ රැකියාවල නිරතවීමට හැකිවන පරිදි සහ ළමුන්ට නවසීලන්තයේ පාසල්වලට ඇතුළත් විය හැකි පරිදි වසර 02 ක වීසා බලපත්‍රයක් පළමුවෙන් නිකුත් කෙරෙනු ඇති.

යුක්රේනයේ පවතින අනාරක්ෂිත තත්වය හමුවේ ඔවුන්ට නවසීලන්තය තුළ ආරක්ෂාකාරීව ජීවත්විම සඳහා අවස්ථාව සලසා දීමයි මෙහි අරමුණ වන්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »