බටහිර ඔස්ටේ්‍රලියා ස්වයං නිරෝධායන නීති අද සිට ලිහිල්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පාසල් සිසුන් සහ ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් සඳහා ස්වයං නිරෝධායනය වීමේ නීති අද සිට ලිහිල් වනවා.

ඔවුන් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් වන අවස්ථාවලදී දෛනික රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඍණාත්මක ප්‍රතිඵල ලද හොත් රැකියාවලට හෝ පාසලට යාමට ඒ අනුව අවසර හිමවනවා.

ප්‍රවාහනය – ආහාර නිෂ්පාදනය – සුපිරි වෙළඳසැල් – සිල්ලර වෙළඳාම යන අංශවල සේවකයන් සඳහා මෙම අවස්ථාව පවතිනවා.

ඉන්ධන පිරවුම්හල් – කෘෂිකර්ම – පතල් කැ”ම් – ඉදිකිරීම් යන අංශවල සේවකයන්ටද මෙම ලිහිල් කිරීම් බලාත්මකයි.

කෙසේවෙතත් මෙම රෙගුලාසි ලිහිල් කිරීම් කොවිඩ් රෝගීන් ඉහළයාමට හේතු විය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »