ඔස්ටේ්‍රලියා ආරක්ෂක අංශ සඳහා තවත් 100,000 ක් බඳවා ගනී

ඔස්ටේ්‍රලියාවේ ආරක්ෂක අංශ සඳහා තවත් සාමාජිකයන් 100,000 කට වැඩි පිරිසක් බඳවා ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මේ බව අනාවරණය කෙරුණේ අගමැති ස්කොට් මොරිසන් සහ ආරක්ෂක අමාත්‍ය පීටර් ඩට්න් එක්ව අද පෙරවරුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මෙම සමස්ත වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 38 ක්.

2040 වසර වනවිට මෙම පිරිස බඳවාගෙන අවසන් කෙරෙන අතර ඒ අනුව දැනට සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 30 ක ඉහළයාමක් වනු ඇති.

විචාරකයන් පවසන්නේ චීනයෙන් හා රුසියාවෙන් එල්ලවිය හැකි අභියෝගයන්ට මුහුණදීමේ අරමුණ ඇතිව ඔස්ටේ්‍රලියා රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

https://www.7news.com.au/politics/defence/defence-to-boost-to-100k-strong-workforce-c-5998295

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »