දරුණු ජල ගැලීම් හමුවේ ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්වන ළකුණු

නැගෙනහිර ඔස්ටේ්‍රලියාවට බලපා ඇති දරුණු ජල ගැලීම් තත්වය හමුවේ ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් විසින් අද දිනයේදී එය නිල වශයෙන් නිවේදනය කරනු ඇති බව සඳහන්.

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබෙනවා.

සහන සේවා කටයුතු පහසු කිරීමේ අරමුණ ඇතිවයි ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී ඇත්තේ.

2020 වසරේදී සම්මත වූ නව ආපදා සහන පණත යටතේ ජාතික ආපදාවක් ප්‍රකාශයට පත් කෙරෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.

https://7news.com.au/weather/sydney-weather/sydneysiders-warned-to-brace-for-wild-winds-on-wednesday-following-rain-bomb-c-5984117

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »