ශේන් වෝන් සිටි කාමරයේ රුධිර පැල්ලම් සම්බන්ධයෙන් විමර්ශන

ඔස්ටේ්‍රලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් මියගිය තායිලන්තයේ ඔහු සිටි කාමරයේ තිබී හමුවු රුධිර පැල්ලම් කිහිපයක් සම්බන්ධයෙන් තායි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කාමරයේ පොළව මත සහ තුවා කිහිපයක එලෙස රුධිර පැල්ලම් තිබී ඇති බවයි තායි මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම සිහිසුන්ව ඔහු බිම වැටි සිටියදී කෘත්‍රිම ශ්වසනය ලබාදුන් අවස්ථාවේදීත් ඔහුගේ මුවෙන් රුධිරය ගලාගිය බවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු යමක් නැතැයි තායි පොලිසිය ඊයේ දිනයේදී නිවේදනය කලා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය නිවැරදිම තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බවයි විමර්ශන නිළධාරීන් පවසා සිටියේ.

https://timesofindia.indiatimes.com/sports/cricket/news/shane-warnes-room-had-blood-stains-on-floor-and-bath-towels-thai-police/articleshow/90030504.cms

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »