වාසුදේවත් තීරණයකට සැරසෙයි

අද දිනයේද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට වාර්තා වනවා.

ඒ  අනුව ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට ලබා දෙන බවටයි වාර්තා වුණේ.

ඔහුට අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර විමල් විරවංශ සහ උදය ගම්මන්පිල කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් සිය ස්ථාවරය අද ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර ඊයේ රාත්‍රියේ වාර්තාවූයේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන හිටපු අමාත්‍යවරුන් සමඟ හවුල්කාර පක්ෂ නියෝජනය කරන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද තමන් දරණ ජල සම්පාදන අමාත්‍යධූරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බවයි.

ඒ අනුව අද හෝ හෙට ඒ පිළිබඳ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්වනු ඇති.

අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ඊයේ රාත්‍රියේත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති බවයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »