ජල ගැලීම් නිසා නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසක දුරකථන හා අන්තර්ජාල බිඳවැටීම්

ජල ගැලීම්වලට ලක්වූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට දින කිහිපයක යන තුරු දුරකථන හා අන්තර්ජාල සබඳතා නොලැබෙනු ඇති බවට වාර්තා පළවනවා.

මේ වනවිට සැපයුම් යථා තත්වයට පත් කිරීමට ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහන් කලේ.

එහෙත් බොහො ස්ථාන ජලයෙන් යටව පැවතිම හමුවේ එම කටයුතු දුෂ්කර වී තිබෙනවා.

මෙහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ උතුරු නිවු සවුත් වේල්ස් ප්‍රදේශයට බවයි වාර්තා වන්නේ.

https://www.abc.net.au/news/2022-03-03/poor-mobile-recpetion-hampers-flood-recovery-in-northern-nsw/100879286

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »