රුසියාව තුළ Apple නිෂ්පාදන අලෙවිය අත්හිටුවයි

රුසියාව තුළ සිය නිෂ්පාදන අලෙවිය අත්හිටුවීමට සුප්‍රකට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.

යුක්රේනය තුළ දැනට පවතින තත්වය සම්බන්ධයෙන් දැඩි කණගාටුවට පත්ව සිටින බවයි එම සමාගම නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

ඇපල් ජංගම දුරකථනවලට අමතරව Apple Pay වැනි අනෙකුත් සේවා ද රුසියාව තුළ අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම වෙනත් රටවල සිට රුසියාවේ රාජ්‍ය මාධ්‍ය වෙත පිවිසීමද අවහිර කිරීමට ඇපල් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.

යුක්රේන ජාතිකයන්ගේ ආරක්ෂාව සළකා එරට සජිවී ඇපල් සිතියම් ක්‍රියාකාරිත්වයද මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

https://www.9news.com.au/technology/russia-ukraine-apple-suspends-all-product-sales/4ab180b0-100c-4aa6-80b4-ca7cd6c7b011

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »