ඔස්ටේ්‍රලියාව තුළ රුසියානු මත්පැන් වර්ජනයක්

යුක්රේනයට සහය පළකරමින් රුසියානු මත්පැන් වර්ජනය කිරීමට ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රධාන මත්පැන් අලෙවි සැල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව Dan Murphy’s සහ BWS වෙළඳසැල් නිවේදනය කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සියලුම රුසියානු මත්පැන් සිය වෙළඳ සැල් තුළින් ඉවත් කරන බවයි.

හෝටල් සහ ඔන්ලයින් ඇණවුම් සඳහා රුසියානු මත්පැන් සැපයීමද අත්හිටුවිමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

මේ අනුව වොඩ්කා ඇතුලු ජනප්‍රිය රුසියානු මත්පැන් පරිභෝජනයට ඉදිරි දිනවලදී ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාවක් නොලැබෙනු ඇති.

වික්ටෝරියා හි යුක්රේන ජන ප්‍රජාව කල ඉල්ලීමකුයි මෙම තීරණය සඳහා මූලිකවම බලපා ඇත්තේ.

https://7news.com.au/news/melbourne/russian-vodka-to-be-pulled-from-shelves-at-dan-murphys-and-bws-in-support-for-ukraine-c-5880699?fbclid=IwAR2mCyBj9PCjR7Kh9wkfLm2cIKnMkPinsbfzEY0r3OYCjmCOSJwFDLpHiR0

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »