ලංකාවට එන අයට අද සිට අලුත්වන නීති

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය නොවීම අද සිට බලාත්මක වනවා.

කෙසේවෙතත් පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් අනිවාර්යයෙන් ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.

යම් සංචාරකයෙකු කොවිඩ් එන්නතෙහි නිර්දේශිත දෙවැනි මාත්‍රාව ලබා සති දෙකකට පසු විදේශගත වුවහොත් ඔහු හෝ ඇය පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු ලෙසයි සැළකෙන්නේ.

එමෙන්ම තනි මාත්‍රාවක් ගැනීම පමණක් අනුමත එන්නතක් ලබා ඇත්නම් එවැනි පුද්ගලයන්ද පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අයෙකු ලෙස පිළිගැනෙනවා.

අවම වශයෙන් පිළිගත් කොවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අවුරුදු දහ අට සහ ඊට අඩු දරුවන්, එන්නත ලබාදී සති දෙකකට පසු විදේශගත වුවහොත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන් වශයෙන් සැළකෙනවා.

ශ්‍රී ලංකාවට පිටත් වන දිනට පෙර දින 07 සිට මාස 06 දක්වා කාලය තුළ කොවිඩ් ආසාදනය වී ඇති සංචාරකයින් අවම වශයෙන් මාත්‍රා දෙකක එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ඇත්නම් ශ්‍රී ලංකාවට පිටත් වීමට පෙර සිදු කරන කොවිඩ් පරීක්ෂණයෙන් නිදහස් කෙරෙනු ඇති.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අවුරුදු දොළහක් හෝ ඊට වැඩි සියලූම සංචාරකයින් අනිවාර්යයෙන්ම ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.

එම වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතු අතර පී සී ආර් පරීක්ෂණයක් නම් පිටත්වීමට පැය 72 කට පෙර සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් නම් පිටත්වීමට පැය 48 කට පෙර සිදුකළ යුතු වනවා.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »