පූර්ණ එන්නත්කරණයට ලක්ව ලංකාවට එන අයට PCR – Rapid අවශ්‍ය නෑ

පිටරටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සම්පුර්ණ එන්නත් ලබා ගත් සංචාරකයින්ගේ කොවිඩ් පරීක්ෂණ නීතිය ලිහිල් වී තිබෙනවා.

ඒ අනුව 2022 මාර්තු 01 සිට, පැමිණීමට පෙර සිදු කළ යුතු Rapid / PCR පරීක්ෂණ සිදු කළ යුතු නැති බව යි වාර්තා වන්නේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන, පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගීන්ට, පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ ලබන මාර්තු 01 දින සිට අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 07 සඳහාම එම අවසරය හිමිවන බවයි.

එහෙත් මෙම ගුවන් මගීන් අතරින් එක් එන්නතක් පමණක් ලබා ගෙන ඇති ගුවන් මගීන් වෙතොත්, ඔවුන් පිටත්ව යාමට පැය 48 කට පෙර දෙවන එන්නත ලබාතිබිය යුතු බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »