වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට විශේෂ සෞඛ්‍ය දැනුම්දීමක්

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සෙෆලයිටීස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සම්බන්ධයෙන් වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් අනතුරු ඇගවීමක් සදුකර තිබෙනවා.

ඒ වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත දෙකෙහිම ගොවිපොළ ආශ්‍රිතව ඌරන්ගෙන් ලබාගත් සාම්පලවල තිබී මෙම වෛරසය හමුවීමත් සමගයි.

මිනිසුන්ට සහ සත්වයන්ට යන දෙකොට්ඨාශයටම ජැපනීස් එන්සෙෆලයිටීස් වෛරසය බෝවිය හැකියි.

කෙසේවෙතත් මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය බෝවීමේ හැකියාවක් ඇත්තේ නැහැ.

සිදුකල යුතු වන්නේ මදුරු දෂ්ඨන වළක්වාගැනීම බවයි වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

විශේෂයෙන් අවුරුදු 05 ට අඩු දරුවන් කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි දැනුම්දීමක් සිදුකෙරෙන්නේ.

https://www.9news.com.au/national/mosquito-warning-after-japanese-encephalitis-virus-detected-nsw-victoria-queensland/3d9dacb5-084d-463f-9a2a-451b196a3cbc

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »