ආසියානුවන් යොදා ඔස්ටේ්‍රලියාවේදී කෙරෙන මිනිස් ජාවාරමක සුලමුල හෙළිවෙයි

ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීමත් සමග නැවත වරක් මිනිස් ජාවාරම් හිස ඔසවමින් ඇති බවට ෆෙඩරල් පොලිසිය අනතුරු අගවනවා.

විශේෂයෙන් පිලිපීනය වැනි ආසියානු රටවලින් සංචාරක වීසා මත කාන්තාවන් ගෙන්වා මෙරටදී දැඩි මෙහෙකාර සේවයේ යොදවන අවස්ථා ගණනාවක් මෑතකාලීනව වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මාසිකව ඩොලර් 800 ක් වැනි වැටුපක් ලබා දෙන බව පවසමින් කාන්තාවන් ගෙන්වා ඔවුන් දිනකට පැය 12 ක් වැනි කාලයක් සේවයේ යොදවා සුලු වැටුපක් ලබාදීමේ අවස්ථා ද වාර්තා වී තිබෙනවා.

පසුගිය වසරේ ජූලි 01 වනදා සිට පසුගිය 09 වනදා දක්වා මිනිස් ජාවාරම් සම්බන්ධ පැමිණිලි 189 ක් ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසියට වාර්තා වී තිබෙනවා.

එබැවින් ඔස්ටේ්‍රලියානු වීසා අයදුම් කිරීමේදී සියලු කරුණු නිවැරදිව තහවුරු කරගන්නා ලෙසත් පොලිසිය ආසියාව ඇතුලු සියලු රටවල පුරවැසියන්ට දන්වා සිටිනවා.

විශේෂයෙන් රැකියාවක් සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන්නේ නම් තමා අයදුම් කරන්නේ නිවැරදිම වීසා කාණ්ඩයක් ද යන්න දැනගන්නා ලෙසටත් වැඩිදුරටත් ඉල්ලීමක් කෙරෙනවා.

https://www.7news.com.au/news/australian-federal-police/australian-federal-police-warn-human-trafficking-will-surge-as-international-borders-open-c-5805223

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »