ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට එල්ල වූ චීන ලේසර් ප්‍රහාරය දුරදිග යයි

තම ගුවන් හමුදා යානයකට ලේසර් ආලෝක දහරා එල්ල කිරීම සම්බන්ධයෙන් වහාම කරැණු පැහැදිළි කරන ලෙස ඕස්ට්‍රේලියාව චීනයට අවධාරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සදහන් කර ඇත්තේ මෙම භයානක සහ අපරීක්ෂාකාරී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා කරැණු පැහැදිළි කිරීමට චීනය පියවර ගත යුතු බවයි.

පසුගිය සතියේ පැසිෆික් සාගරයේ අරෆූරා මුහුදු කලාපයේ ඔස්ට්‍රේලියාව සහ පැපුවා නව ගිනියාව අතර දේශසීමාවේදී ඕස්‍ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ජෙට් යානයකට චීන නාවික හමුදාවේ යාත්‍රා දෙකක් මගින් ලේසර් ආලෝක දහරා එල්ල කර තිබුණා.

පසුව අනාවරණය වී තිබුණේ චීන නාවික හමුදාවට අයත් හෙෆෙයි නම් මිසයිල් නාශක නෞකාව සහ ජින්ග්ජැන්ශාන් නම් ප්‍රවාහන නෞකාව මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇති බවයි.

මෙය ආක්‍රමශීලී මෙන්ම වෘත්තිමය නාවික හමුදාවකට නොගැ‍ලපෙන භයානක සහ අපරීක්ෂාකරී ක්‍රියාවක් බැවින් සුළුකොට තැකිය නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »