භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරයෙන් ඉවත් කල හේතුව හෙළිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

කිලෝ මීටර් 2ක යෝග්‍යතා ධාවනය භානුක විසින් සම්පූර්ණ කර ඇතත් ස්කින්ෆොල්ඩ් පරීක්ෂණයෙන් ඔහු තවමත් නිසි මට්ටමට පැමිණ නොතිබීම හේතුවෙන් මෙසේ ඔහු ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ද භානුක රාජපක්ෂ ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට අලෙවි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය පෙබරවාරි 24 දා පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භ වන අතර එයට විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ඒ අනුව මෙම තරඟාවලියට සහභාගිවන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක ද ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »