වික්ටෝරියා නව නිවාස ව්‍යාපෘති සඳහා නව බද්දක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් ආරම්භ කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා නව බද්දක් අයකිරීමට ප්‍රාන්ත රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

2024 වසරේ සිට එය බලාත්මක වන අතර සියයට 1.75 ක බද්දක් මෙහිදී අය කිරීමට නියමිතයි.

Melbourne, Ballarat, Bendigo & Geelong යන ප්‍රදේශවල ඉදි කිරීම් ආරම්භ කරන නව නිවාස ව්‍යාපෘති සියල්ල මෙම බද්දට යටත් කර තිබෙනවා.

එහි බර දැරීමට පාරිභෝගිකයන්ට සිදුනොවන බවට ප්‍රාන්ත රජය අවධාරණය කර ඇතත් එය සත්‍යයෙන් තොර බවටයි ව්‍යාපෘති සමාගම් මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද පෙන්වා දෙන්නේ.

ඩොලර් 750,000 පමණ වන නව නිවසකින් මෙහිදී ඩොලර් 13,500 ක පමණ මුදලක් බද්ද ලෙස අය කෙරෙන අතර අනිවාර්යෙන්ම නිවාස මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

https://www.9news.com.au/national/social-housing-victoria-development-levy-proposed-to-pay-for-new-social-housing/3f4bc30e-5108-4f5d-a18c-af4d2a26dd3e

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »