රට යන ලාංකිකයන්ට 04 වන මාත්‍රාවකුත්

විදේශ ගතවන පුද්ගලයින්ට එම රටවල් අනුමත කරන ලද එන්නත් ලබා දීම සඳහා තුන් වන මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත හතරවෙනි මාත්‍රාවක් ලෙස ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා.

තුන්වන මාත්‍රාව ගෙන මසකට පසු හතරවෙනි මාත්‍රාව ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා.

මෙම හතරවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන්නේ විදේශගත වන අය සඳහා පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

විදෙස්ගතවීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතාව පරිදි කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා අවශ්‍ය නම් එය ලබාදීමට පියවර ගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම් අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊට අදාල පහසුකම් සැලසීමට හැකියාව පවතින බවයි මාධ්‍ය අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ.

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »