ලංකාව හැර අනෙකුත් හැම රටකටම එන රට සල්ලි ඉහළට

2020 – 2021 මූල්‍ය වර්ෂය සැළකීමේදී ශ්‍රී ලංකාව හැර කලාපීය අනෙකුත් රටවලට විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා.

PUBLIC FINANCE නම් ස්වාධීන පර්යේෂණ ආයතනය විසින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

ඊට අනුව 2020 වසරට වඩා 2021 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 22.7 කින් පහල ගොස් තිබෙනවා.

එහි අගය අමෙරිකානු අමෙරිකානු ඩොලර් මිලියන 1612 ක්.

බංග්ලාදේශය සියයට 1.5 කින්ද – මාලදිවයින සියයට 25.2 කින්ද – පකිස්ථානය සියයට 27 කින්ද පිලිපීනය සියයට 29.6 කින්ද සිය විදේශීය ප්‍රේෂණ ඉහළ නංවාගෙන තිබෙනවා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »