එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා හි අදත් විරෝධතා

එන්නත්කරණයට විරෝධය පළකරමින් කැන්බරා හි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ අද දිනයේදීත් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මධ්‍යම කැන්බරා හි සැළකිය යුතු රථවාහන තදබදයක් ඇති විය හැකි බවටයි පොලිසිය අනතුරු අගවා සිටියේ.

ඊයේ දිනයේදීත් කැන්බරා නගරයේදී මෙලෙසම විරෝධතාවයක් පැවති අතර එය විසුරුවා හැරීමට ප්‍රාන්ත පොලිසියට ඉමහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවුණා.

විරෝධතාකරුවන් ඉවත් නොවුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන දේපළද තමන් භාරයට ගන්නා බවට පොලිසිය අනතුරු අගවනු ලැබුවා.

ඊයේ දිනයේදී එක් විරෝධතාකරුවෙකු සතුව තිබී රයිෆලයක්ද තමන් භාරයට ගත් බවයි පොලිසිය නිවේදනය කලේ.

ඔස්ටේ්‍රලියාවේ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සහිත ප්‍රාන්තය ACT වන අතර එහි වයස අවුරුදු 12 ට වැඩි ජනතාවගෙන් සියයට 98.6 කට මේ වනවිට මාත්‍රා 02 ක් ලබා දී අවසන්.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »