භාණ්ඩාගාරිකගේ පුරවැසිභාවය සෙවූ මෙල්බන් පදිංචිකරු බංකොළොත් – නිවසත් අහිමිවීමේ අවධානමක

ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික Josh Frydenberg ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයේදී අභියෝගයට ලක් කල මෙල්බන් පදිංචි පුද්ගලයා බංකොළොත්වී ඇති බව හෙළිවනවා.

Michael Staindl නම් මොහු 2019 වසරේදී අදාළ නඩුව පවරා තිබුණේ ද්විත්ව පුරවැසිලාභියෙකු වන Josh Frydenberg ට පාර්ලිමේන්තු අසුනක් දැරිය නොහැකි බවයි.

Josh Frydenberg ගේ මව හංගේරියානු ජාතික කාන්තාවක වන අතර ඒ අනුව ඔහුගේ එම පුරවැසිභාවයද මේ දක්වා ඉවත් කරගෙන නොමැති බවටයි තර්ක කර තිබුණේ.

කෙසේවෙතත් නඩුවෙන් Michael Staindl පරාජයට පත්වූ අතර අධිකරණය නියෝග කලේ සිදුවූ අපහාසයට වන්දියක් ලෙස ඩොලර් 410,000 ක මුදලක් ගෙවන ලෙසයි.

එමෙන්ම නඩු ගාස්තු වැනි සියලු වියදම් සැළකීමේදී අති විශාල මුදලක් දැරීමට ඔහුට සිදුව ඇති අතර මේ වනවිට සිය නිවස පවා අහිමිවීමේ අවධානමක් උද්ගතව ඇති බවටයි වාර්තා පළවන්නේ.

https://www.abc.net.au/news/2022-02-04/michael-staindl-bankrupt-after-unsuccessful-josh-frydenberg-case/100805832

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »