පුද්ගලික ගමන් වසන් කරන්න Elon Musk ගෙන් තරුණයෙකුට USD 5000 ක්

තම ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ඇතුළත් ට්විටර් ගිණුමක් ඉවත් කිරීම සඳහා ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඉලොන් මස්ක් විසින් අමෙරිකානු ඩොලර් 5000 ක් (ඔස්ටේ්‍රලියානු ඩොලර් 5000) ක මුදලක් 19 හැවිරිදි තරුණයෙකුට ලබාදීමට තැත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පදිංචි අදාළ තරුණයා විසින් පවත්වාගෙන යන මෙම ට්විටර් ගිණුමෙහි අනුගාමිකයන් 150,000 කට අධික පිරිසක් සිටින බව සඳහන්.

ඉලොන් මස්ක් විසින් සිය පුද්ගලික ගුවන් යානයෙන් නිරතවන සියලු ගුවන් ගමන් පිළිබඳ සියලු තොරතුරු එහි අන්තර්ගත වන අතර ගුවන් මාර්ග සම්බන්ධ සජීවී තොරතුරු පවා ඊට ඇතුළත්.

සුප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ වන ඉලොන් මස්ක් විසින් පසුගිය දිනක මෙම තරුණයා අමතා දන්වා ඇත්තේ තමාගේ පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් වහාම අදාළ ට්විටර් ගිණුම ඉවත් කරන ලෙසයි.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් 5000 ක මුදලක් ලබාදීමට තමා සූදානම් බවද සුපිරි බිලියනපතියා පවසා තිබෙනවා.

කෙසේවෙතත් 19 හැවිරිදි තරුණයා දන්වා ඇත්තේ අවම වශයෙන් තමාට ඩොලර් 50,000 ක මුදලක් අවශ්‍ය බවයි.

නොඑසේනම් ටෙස්ලා සමාගමේ පුහුණු රැකියාවක් වුවද සෑහෙන බවයි ඔහු ඉලොන් මස්ක් වෙත දන්වා ඇත්තේ.

කෙසේවෙතත් ඉලොන් මස්ක් විසින් ඊට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් පළකර නොමැති බවයි වාර්තා වන්නේ.

https://www.7news.com.au/technology/elon-musk-offered-a-teen-5000-to-delete-a-twitter-account-tracking-his-jet-it-wasnt-enough-c-5507433

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »