මැතිවරණයේදී අගමැති මොරිසන් පරදින බව නවතම මත විමසුමක් කියයි

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ පාලක සන්ධානයට පරාජය අත්වන බව නවතම Newspoll මත විමසුම අනාවැකි පළකරනවා.

2018 වසරෙන් පසු අඩුම ජනප්‍රියත්වයේ ඔවුන් මේ වනවිට සිටින බවයි එහි දැක්වෙන්නේ.

නවතම සමීක්ෂණයට අනුව පාලක සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 34 දක්වා අඩුවී ඇති අතර විපක්ෂ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය සියයට 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම දෙවන වටයේ මත විමසුමකට අනුවද සියයට 56 ට 44 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ කම්කරු පක්ෂයයි.

ෆෙඩරල් මැතිවරණයේ දින වකවානු ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

https://www.9news.com.au/national/federal-politics-newspoll-result-tips-election-defeat-for-morrison-government/44aa4b3c-ef78-4d34-8a49-d210f8823ce9

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »