මහින්දගේ ගිණුමකින් කෝටි 3 1/2 ක් ඇද්ද පුද්ගලික ලේකම් කවුද ??

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකුට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම් කාඩ්පතක් භාවිත කරමින්.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා සතු ව බවයි.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »