ජොකොවික් ගේ අභියාචන තීන්දුව සඳුදාට කල් යයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් විසින්, සිය වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව වික්ටෝරියා ෆෙඩරල් අධිකරණයක් ඉදිරියේ පවරනු ලැබූ අභියාචනය විභාග කිරීම ලබන සඳුදා දක්වා කල්දමා තිබෙනවා.

ඒ අනුව එදින තෙක් ඔහු පිටුවහල් කිරීම අත්හිටුවනු ඇති.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි ජොකොවික් ට රටට ඇතුලුවීමට මෙල්බන් ගුවන් තොටුපළේදී ආගමන අංශ විසින් අවසර නොදෙනු ලැබුවේ සුපිරි ක්‍රීඩකයා එන්නත්කරණයට ලක්ව නොසිටීම හේතුවෙනුයි.

ඒ අනුව ඔහුට නිකුත් කර තිබු වීසා බලපත්‍රය අවලංගු කර රටෙන් පිටුවහල් කිරීමටද ඔස්ටේ්‍රලියානු බලධාරීන් පියවර ගත්තා.

කෙසේවෙතත් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් නොවැක් ජොකොවික් ගේ නීතීඥන් විසින් ගොණු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටිය හැකි වනවා.

කිසියම් අයුරකින් පිටුවහල් කිරීමක් සිදුවුවහොත් නැවතත් වසර 03 ක් යනතුරු කිසිදු වීසා බලපත්‍රයක් යටතේ ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොවැක් ජොකොවික්ට අවසර හිමිවන්නේද නැහැ.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »