මව්බිමට සල්ලි යවන ඔබට සුභ ආරංචියක් – සෑම ඩොලරයකටම වැඩිපුර රු 10 ක්

මෙම මාසය තුළදී ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයක් සඳහාම අමතර රුපියල් 10 ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ට ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකු ඇතුලු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් යටතේ රුපියල්වලට මාරු කරන ඩොලර් සඳහා මෙම වරප්‍රසාදය හිමිවනු ඇති.

ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින විදේශ විනිමය ගැටලුවට පිළියමක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේද ඔස්සේ එවනු ලබන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

වැඩි තීරුබදු සහන – අඩු පොළී ස්වයං රැකියා ණය – අඩු පොළී නිවාස ණය – හදිසි අනතුරු ජීවිත රක්ෂණාවරණ ඒ අතර වන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

https://twitter.com/CBSL/status/1465996712053407745?s=20

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »