නිවු සවුත් වේල්ස් Face-mask / Check-in නීතිවල වෙනසක්

ලබන මාසයේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන මුව ආවරණ සහ QR codes Check in නීති පිළිබඳ නව රෙගුලාසි අද ප්‍රකාශයට පත් කෙරුණා.

ලබන දෙසැම්බර් 15 වනදා වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 95 ඉක්මවා යනු ඇති බවට උපකල්පනය කරමිනුයි එය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව එදින සිට මුව ආවරණ භාවිත කල හැකි වනුයේ පොදු ප්‍රවාහනයේදී – ගුවන් යානා තුළ සහ ගුවන් තොටුපළවලදී පමණයි.

ඊට අමතරව ක්ෂේත්‍රයේ නිරත එන්නත්කරණයට ලක් නොවූ සේවකයන්ද මුව ආවරණ පැළඳිය යුතු වනවා.

පහතින් දැක්වෙන අධි අවධානම් ස්ථානවලදී හැර අනෙක් ස්ථානවලදී QR codes Check in වීමද අනිවාර්ය වන්නේ නැහැ.

hospitals, aged and disability care facilities, gyms, places of worship, funerals or memorial services, personal services, pubs, small bars, registered clubs and nightclub and at indoor music festivals with more than 1000 people.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »