ප්‍රවීණ සංගීතවේදි ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.

ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ද වන ඒ මහතා විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය.

ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »