ඔස්ටේ්‍රලියාව තුළ තවත් එන්නත් 02 කට අනුමැතිය / වැඩි වාසිය චීන – ඉන්දීය සිසුන්ට

ඔස්ටේ්‍රලියාව තුළ තවත් කොවිඩ් මර්දන එන්නත් 02 ක් හදිසි භාවිතය සඳහා Therapeutic Goods Administration (TGA) විසින් අනුමැතිය ලබා දී තිබේ.

මේ අනුව ඉන්දීය නිෂ්පාදනයක් වන Covaxin සහ චීන නිෂ්පාදනයක් වන BBIBP-CorV සඳහා අනුමැතිය හිමිවේ.

මෙම එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන්ටද ඒ අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවනවා.

TGA විසින් අනුමත කරන ලද එන්නතකින් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයන්ට පමණක් ඔස්ටේ්‍රලියාවට පැමිණීම සඳහා අවසර ලැබෙනවා.

ඒ අනුව ඉදිරියේදී දේශ සීමා විවෘත කිරීමත් සමග Covaxin සහ BBIBP-CorV යන එන්නත් ලබාගෙන ඇති පුහුණු ශ්‍රමිකයන්ට සහ සිසුන්ටද ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකියි.

චීන හා ඉන්දීය සිසුන්ට මෙම නව තීරණයත් සමග වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »