බීමත්ව රිය පැදවූ වික්ටෝරියා මන්ත්‍රී ඡායා කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ලිබරල් මන්ත්‍රී ටිම් ස්මිත් ඡායා කැබිනෙට්ටුවෙන් ( shadow cabinet) ඉල්ලා අස්වී තිබේ.

ඒ ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු බීමත්ව රිය ධාවනයේ යෙදීමේ චෝදනාවක් හේතුවෙනුයි.

මන්ත්‍රීවරයා රිය අනතුරකට සම්බන්ධවීම හේතුවෙන් හිදී ඊයේ රාත්‍රී 09 ට පමණ පොලිසිය විසින් නතරකර තිබුණි.

එහිදී සිදුකල ඇල්කොහොල් පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණේ Tim Smith මත්පැන් පානය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමා වරද පිළිගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ.

 

PIC / SOURCE – 9NEWS

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »