අදට යෙදී ඇති Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස ඉල්ලීමක්

අදට යෙදී ඇති Halloween උත්සවය කොවිඩ් ආරක්ෂිතව සමරන ලෙස NSW බලධාරීන් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී.

එම සැමරීම් එළිමහනේ සිදුකරන ලෙසත් සංග්‍රහ සහ ත්‍යාග ලබා දීම් සංවෘත ඇසුරුම්වල බහා සිදුකරන ලෙසත් ඔවුහු ජනතාවගෙන් ඉල්ලති.

නිවාසවලින් පිටත සිටීනම් මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටී.

https://twitter.com/NSWHealth/status/1452454902723137541?s=20

අද වන විට හැලොවීන් සැමරුමක ඇති වඩාත් ජනප්‍රිය ම අංගය ලෙස ගෙයින් ගෙට ගොස් රසකැවිලි ඉල්ලා සිටීම (trick-or-treat) හැඳින්විය හැකි යි.

මෙය ආරම්භ වී ඇත්තේ අතීත හැලොවීන් සැමරුම් අතරතුර දී මිය ගිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් දුප්පතුන්ට ආහාර ලබා දීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බව පැවසෙනවා.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »