මූඩීස් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවත් පහතට දමයි – මහ බැංකුවෙන් උත්තර

CBSL

ශ්‍රේණිගත කිරීමේ ලෝක ප්‍රකට ආයතනයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම Caa1 දක්වා Caa2 සිට පහත හෙළා ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතා අවම වී ඇති තත්ත්වය මත විදේශ ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සඳහා බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පවතිනු ඇති බවත් මෙම ශ්‍රේණිගත කිරීම ජූලි 19 වන දින ආරම්භ කරන ලද සමාලෝචනයක කොටසක් බව එහි සඳහන්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ශ්‍රේණිගත කිරීම පිලිගත නොහැකි බව සඳහන් කරමින් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය සිය ණය බැඳීම් සපුරා දීමට කැප වී සිටින බවයි.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් කාලානුරූපී සහ පිළිගත නොහැකි තත්ත්වයක් ඇති බවද මහ බැංකුව කියා සිටියි.

ශ‍්‍රී ලංකාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට පහලින් ඇත්තේ බංකොලොත් තත්වයේ ශ්‍රේණිගත කිරීම්ය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »