අපරාධයකට සූදානම් වූ අයෙකු ගිණි අවියක්ද සමග Melbourne CBD හිදී අත්අඩංගුවට

කිසියම් අපරාධයකට සූදානම් වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගිණි අවියක්ද සමග Melbourne CBD හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Bourke Street හි වෙළඳ සැලක් අසලදී සැකකරු අත්අඩංගුවට ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටී.

North Melbourne හි පදිංචි 23 හැවිරිදි අයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර අදාළ කලාපයේ නීතිය කඩ කිරීමේ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

මෙම තැනැත්තා පිළිබඳ තොරතුරු ලැබී විනාඩි 02 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම සිදුවූ බවද වික්ටෝරියා පොලිසිය කියයි.

 

source : https://www.9news.com.au/national/alleged-gunman-arrested-in-melbourne-cbd-ahead-of-restrictions-easing/f5011c8e-6c4f-4c15-9455-7ec9b8d9343e

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »