නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියානු Citizenship අයදුම් ක්‍රමවේදයට සංශෝධන

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කරන ක්‍රමවේදයේ වෙනසක් නොවැම්බර් 01 සිට බලාත්මක කෙරේ.

එදින සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම online ක්‍රමයට සිදුකළ යුතුය.

පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මෙතෙක් පැවති කඩදාසි අයදුම්පත් නොවැම්බර් 01 සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ.

සුදුසුකම් හා අයදුම්පත් ගාස්තු නොවෙනස්ව පවති.

PR ලාභීන් පුරවැසිභාවය ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයට කිසිදු සංශෝධනයක් නොමැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »