ඔස්ටේ්‍රලියා තරුණ ළමුන් අන්තවාදී ක්‍රියා සඳහා යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක්

තරුණ වයසට එළැඹීමට සිටින ළමුන් අන්තවාදීන් විසින් ප්‍රචණ්ඩ ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ඇති බවට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය (AFP) අනතුරු අගවා සිටිනවා.

විශේෂයෙන් අන්තර්ජාලය හරහා ඔවුන් සිදුකරන්නේ කුමක්ද යන්න දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතු බවටයි (AFP) දැනුම් දී ඇත්තේ.

ප්‍රචණ්ඩ ක්‍රියාවක් සඳහා සූදානම් වූ 13 හැවිරිදි දරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග මෙම අනතුරු ඇගවීම නිකුත් කරන බවයි ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසියේ ත්‍රස්ත මර්දන විමර්ශන අණදෙන නිළධාරී Stephen Dametto සඳහන් කලේ.

කොවිඩ් වසංගතය හමුවේ ළමුන් වැඩි පිරිසක් නිවාසවල සිටීමත් අන්තර්ජාලයට වැඩි නැඹුරුවක් දැක්වීමත් හමුවේ මෙම අවධානම් නිවේදනය නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

කිසියම් අයුරකින් තම දරුවන් ආගමික අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකලහොත් වහා දැනුම් දෙන ලෙසටද ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය දෙමව්පියන්ට දන්වා සිටිනවා.

source : https://7news.com.au/news/australian-federal-police/warning-for-parents-as-children-recruited-by-extremists-to-commit-terror-attacks-c-4332435

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »