වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල එන්නත්කරණය පුලුල් කෙරේ

ලබන සිකුරාදා සිට ලොක්ඩවුන් සීමා තවත් ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග ප්‍රාදේශීය කලාපවල එන්නත්කරණ කටයුතු පුලුල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව Seymour, Warrnambool, the Mornington Peninsula & Grampians ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී තවත් එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි.

ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවල එන්නත්කරණ ප්‍රතිශතයට වඩා මෙම ප්‍රදේශවල එන්නත්කරණ ප්‍රතිශතය පවතින්නේ අවම මට්ටමකයි.

ලබන සිකුරාදා සිට මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය කලාප අතර ගමන් කිරීමට අවසර හිමිවනු ඇති.

දින 77 කට පසුවයි මෙලෙස කලාප 02 සම්බන්ධ වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසන්නේ අදාල ප්‍රාදේශිය කලාප නාගරික කලාපයෙන් වෙන් කර නොතැබීමේ අරමුණින් එම පියවර ගන්නා බවයි.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/final-indigenous-covid-vaccine-push-as-victoria-prepares-to-ease-restriction-again-on-friday-c-4325491

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »