ක්වන්ටාස් තවත් රටවල් 05 කට ගුවන් ගමන් ඇරඹීමේ තීරණයක – වසර 10 කට පසු ඉන්දියාවටත්

තවත් ජාත්‍යන්තර ගමනාන්ත 05 කට නියමිත දිනයට පෙරම ගුවන් ගමන් ආරම්භ කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව සිඩ්නි සිට සිංගප්පූරුව – බැංකොක් – Phuket – ජොහැන්නස්බර්ග් සහ ෆිජී දක්වා ගුවන් ගමන් යළි ඇරඹෙනු ඇති.

වසංගත තත්වය හමුවේ තාවකාලිකව සේවයෙන් ඉවත් කරන ලද ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් සේවකයන්ට මෙමගින් නැවතත් රැකියා හිමිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

සිංගප්පූරු ගුවන් ගමන් නොවැම්බර් 23 වනදා සිටද – ෆිජී දෙසැම්බර් 07 සිටද – ජොහැන්නස්බර්ග් ජනවාරි 05 වනදා සිටද – බැංකොක් ජනවාරි 14 වනදාත් – Phuket ජනවාරි 12 වනදාත් සිට ආරම්භ කෙරෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණේ.

මීට අමතරව සිඩ්නි – දිල්ලි ගුවන් ගමන් ආරම්භ කිරීමටද ක්වන්ටාස් තීරණය කර තිබේ.

වසර 10 කට පමණ පසු ඉන්දියාව සමග ක්වන්ටාස් ගුවන් ගමන් ආරම්භ කෙරෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

source : https://7news.com.au/travel/qantas-brings-forward-schedule-for-flights-to-five-destinations-as-international-travel-finally-set-to-resume-c-4302453

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »