සියයට 70 අභිබවා යාම සම්බන්ධයෙන් වික්ටෝරියාවාසීන්ට අගමැති මොරිසන්ගෙන් සුභ පැතුම්

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 අභිබවා යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සුභ පැතුම් පළකරනවා.

ලොක් ඩවුන් තත්වයෙන් ඉවත්වීමට එය වැදගත් වන බවයි අද පෙරවරුවේ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමා ලිහිල් වන්නේ සියයට 70 ඉලක්කය සපුරා ගැනීමත් සමගයි.

මේ අතර ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් ද වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට සුභ පැතුම් පිරිනමා තිබේ.

ඒ ට්විටර් සටහනක් තබමිනි.

https://twitter.com/DanielAndrewsMP/status/1450935563654103043?s=20

 

source : https://7news.com.au/sunrise/on-the-show/prime-minister-scott-morrison-confirms-victoria-has-passed-70-per-cent-double-dose-mark-c-4293679

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »