ශ්‍රී ලංකාවේ දෛනිකව Passport ලබා ගැනීමේ වර්ධනයක්

ශ්‍රී ලංකාවේ දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර(Passport) ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එක්දින සේවය යටතේ, සේවය ලබා ගන්නා පිරිස 500 කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මීට පෙර සාමාන්‍ය දිනක එක්දින සේවය යටතේ, ලැබෙන ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 1000 කි.

එහෙත් රට පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති සමයෙන් පසු එක්දින සේවය යටතේ සේවා ලබා ගන්නා අයැදුම්පත්‍ර සංඛ්‍යාව 1500 ඉක්මවා ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව, කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 ක කාලය තුළ එක්දින සේවයෙන්, සේවා ලබා ගෙන ඇති පිරිස 12,158 කි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම කාල සීමාව තුළ සාමාන්‍ය සේවයෙන් පුද්ගලයින් 11,242 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයැදුම්කර ඇති බවයි.

මීට අමතරව, මාතර, මහනුවර, වව්නියාව සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින් ගතවූ දින 10 තුළ පමණක් පුද්ගලයින් 10,145 දෙනෙකු සේවා ලබා ගෙන ඇතැයි, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

සාමාන්‍ය දිනකදී එක්දින සේවයට ඉල්ලුම්පත් දහසක් පමණ ලැබුණ ද පසුගිය දිනවල එම සංඛ්‍යාව 1500 ඉක්මවා තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සියයට 50 කින් වර්ධන වී ඇති බවත් සඳහන් කළේය.

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »