වික්ටෝරියා කොවිඩ් එන්නත්කරණය තවත් වේගවත් කිරීමට $ මිලියන 21 ක නව පැකේජයක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොවිඩ් එන්නත්කරණය තවත් වේගවත් කිරීම සඳහා ඩොලර් මිලියන 21 ක නව පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ ආබාධ සහිත පුද්ගලයන් – අධි අවධානම් කාණ්ඩ සහ විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරන පුද්ගලයන් එන්නත්කරණය සඳහා එමගින් ප්‍රතිපාදන වෙන් කෙරෙන බවයි.

විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රදේශවල එන්නත්කරණ පහසුකම් වැඩි දියුණු කිරිම සඳහා මේ යටතේ වැඩි ඉඩක් වෙන් කෙරෙන බවද අගමැතිවරයා පැවසීය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,749 ක් හමුව ඇත.

මරණ 11ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,476 කි.

ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,702 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,751ක් ලබා දී තිබේ.

source : https://www.abc.net.au/news/2021-10-19/covid-blog-nsw-victoria-tasmania-lockdown-press-conferences/100549130?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web#live-blog-post-1204942594

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »