වික්ටෝරියා පැමිණෙන අයටත් හෝටල් නිරෝධායනය වෙනුවට නිවාස නිරෝධායනයට අවසර ලැබෙන ළකුණු

දේශ සීමා විවෘත කල පසු පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් කල පුද්ගලයන් වෙනුවෙන් හෝටල් නිරෝධායනය ක්‍රියාත්මක නොකිරීම කෙරෙහි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

ඒ වෙනුවට නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් කෙරෙහි යොමුවීමට සිදුවන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ඊට සමාන අයුරින් වික්ටෝරියා ප්‍රාන්තය තුළද එය ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේවෙතත් කෙදින සිට මෙය අරඹන්නේද යන්න මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

අදාළ යෝජනාව ලබන සිකුරාදා රැස්වන ජාතික කැබිනෙට් රැස්විමේදි සාකච්ඡා කරන බවද ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේය.

ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ඉලක්කය ඉදිරි දින 02 තුළදී සියයට 80 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමාද සැළකිය යුතු මට්ටමකින් ලිහිල් කෙරේ.

ලබන නොවැම්බර් පළමුවනදා සිට ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයන් සඳහා හෝටල් නිරෝධායනය වෙනුවට නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පසුගියදා නිවේදනය කලේය.

SOURCE : https://www.9news.com.au/national/coronavirus-victoria-to-scrap-hotel-quarantine-for-vaccinated-overseas-arrivals/72d6f8a0-6a88-4ad3-8315-cba7f0704f1d

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »