Brunswick හි Barkly Square Shopping Centre හිදී දෙදෙනෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

මෙල්බර්න් Brunswick හි Barkly Square Shopping Centre හිදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබේ.

අද පෙරවරු 08 ට පමණ මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

තුවාල ලැබූවන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවද වික්ටෝරියා පොලිසිය සඳහන් කලේය.

මේ වනවිට Barkly Square Shopping Centre තාවකාලිකව වසා දමා ඇත.

source : https://www.9news.com.au/national/two-people-allegedly-stabbed-inside-melbourne-shopping-centre-barkly-square-brunswick/cf3465e1-1ed7-45ac-b574-43a15b909749

 

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »