AUDIO : නීති විරෝධීව විදේශයකට පළා යෑමේ බලාපොරොත්තුවෙන් සිටි 65 දෙනකු අත්අඩංගුවට

නීති විරෝධීව මුහුදු මගින් විදේශයකට පළා යාම සඳහා මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 65 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි.

මෙම පිරිස යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.

මොවුන් කුමන රටකට පලා යාම සඳහා සිටියේ දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.

රාජ්‍ය බුද්ධි අංශයේ ත්‍රිකුණාමලය කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව :

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »