එතෙර ශ්‍රමිකයන්ට මව්බිමට මුදල් එවන්න මොබයිල් ඇප් එකක්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් සහ මුදල් එවන ක්‍රමවේද වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් නව ජංගම දුරකතන මෘදුකාංගයක් (මොබයිල් ඇප්ලිකේෂන්) හඳුන්වා දී ඇත.

විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා සහ අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් නව ප්‍රේෂණ ක්‍රමවේද සහ අඩු පිරිවැයක් සහිතව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කමිටුව පත් කළේ ය.

ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි (එච්.එස්.බී.සී. ) බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාට, මොබිටෙල් (පෞද්ගලික) සමාගම යන බැංකු සහ සමාගම්වල නියෝජිතයන්ගෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයන්ගෙන් අදාළ කමිටුව සමන්විත විය.

අදාළ කමිටුවේ යෝජනාව පරිදි “එස්.එල්.-රෙමිට්” (SL-Remit) යනුවෙන් මෙම නව ජංගම දුරකතන යෙදුම (මෘදුකාංගය-මොබයිල් ඇප්ලිකේෂන්) හඳුන්වා දී තිබේ.

ස්වයං පරිශීලක ලියාපදිංචිය (භාවිත කරන්නන්ටම යෙදුම තුළ ලියාපදිංචි වීමේ හැකියාව), ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම, ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්ෂණිකව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළු පහසුකම් මෙම යෙදුම භාවිත කරන්නන්ට සපයා ඇත.

විදේශ විනිමය අනුපාත, අඩු ගනුදෙනු ගාස්තු, ඍජු බිල්පත් ගෙවීම් ආදී වටිනාකම් එකතු කළ (එකතු කළ අගය) සේවා රැසක් ද මෙම යෙදුමට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම යනාදී පාර්ශවකරුවන්ගේ සහාය ඇති ව මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »