වික්ටෝරියා ජනතාවට තමන්ගේම නිවසක් මිළදී ගැනීමට නව වැඩපිළිවෙලක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට තමන්ගේම නිවසක් මිළදී ගැනීමට ප්‍රාන්ත රජය විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබේ.

පුද්ගලයන් 3000 ක් සඳහා සෙත සැළසෙන එමගින් ඩොලර් මිලියන 500 ක අරමුදලක් ස්ථාපිත කිරීමට නියමිතයි.

අවුරුදු 18 ට වැඩි, කොන්දේසි සපුරාලන ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කල හැකිය.

පළමුවෙන් සියයට 05 ක මුදලක් තැන්පත් කල යුතු අතර අදාළ දේපළ ඇපයට තබාගෙන ප්‍රාන්ත රජය විසින් ඉතිරි මුදලෙන් 1/4 ක් ලබාදීමට නියමිතයි.

මෙල්බර්න් සහ Geelong ප්‍රදේශවල දේපළක් නම් ඩොලර් 950,000 නොඉක්මවිය යුතු අතර අනෙක් ප්‍රදේශවල නම් ඩොලර් ලක්ෂ 06 නොඉක්මවිය යුතුයි.

අදාළ අයදුම්කරුවන් වාර්ෂිකව ඩොලර් 125,000 කට නොඅඩු ආදායමක් ලැබිය යුතු වනවා.

source : https://7news.com.au/business/housing-market/vic-launches-500m-fund-to-help-homebuyers-c-4181161?fbclid=IwAR2Rzq1ZDeFjEIfFj7bJu03YpJC6IJxDX3e57BpaOolYv14O8G7sh5oiAGU

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »