ක්වන්ටාස් නව වාර්තා 02 ක් එකවර පිහිටුවයි

ක්වන්ටාස් ගුවන් සේවය සිය ගුවන් ගමන් ඉතිහාසයේ නව වාර්තා 02 ක් ඊයේ දිනයේදී එකවර පිහිටුවන ලදී.

එනම් දීර්ඝතම ගුවන් ගමන (කිලෝමීටර් 15,020) සහ වැඩිම වේලාවක් (පැය 17 යි විනාඩි 25) ගත කල ගුවන් ගමන යන වාර්තා 02 යි.

දකුණු අමෙරිකාවේ සිටි ඔස්ටේ‍රලියානු ජාතිකයන් 128 දෙනෙකු රැගෙන ඒම සඳහා මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කෙරිණ.

ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්න් නගරයේ සිට ඩාර්වින් දක්වා යි.

https://twitter.com/Qantas/status/1445905988846952454?s=20

මේ දක්වා ක්වන්ටාස් විසින් ක්‍රියාත්මක කල දීර්ඝතම ගුවන් ගමන වූයේ පර්ත් සිට ලන්ඩන් දක්වා ක්‍රියාත්මක කල ගුවන් ගමන වූ අතර එය මෙම ගුවන් ගමනට වඩා කිලෝමීටර් 522 ක් අඩුවිය.

මෙහි තවත් විශේෂත්වයක් වුයේ ඇන්ටාක්ටික් මහද්වීපයට ඉහළින් ගුවන් ගමන යෙදී තිබීමයි.

https://twitter.com/Qantas/status/1445915108589260806?s=20

 

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »